ක්‍රිකට් ලෝලී ඔබ සැම බලා සිටි තීරණාත්මක තරගය අදයි...

Report

 තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය පල්ලෙකැලේ දී ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය මෙය වන නිසාවෙන්.

නැතහොත් තුන්වැනි එක්දින තරගය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් කරගැනීමටත්, තරගාවලි ජයග්‍රහණය ගැන කිවියන්ටත් සිහින දැකීමට නම් අද තරගය නියත වශයෙන් ම නවසීලන්තය ජයග්‍රහණය කළ යුතු වනවා.

දෙරට අතර එක්දින තරග 103ක් මෙතෙක් පවත්වා ඇති අතර එහි වැඩිම වාසි ප්‍රමාණයක් තරග 52ක් ජයගනිමින් කිවියන්ට හිමිව තිබෙනවා.

දෙමාපියනි දරුවන් පිළිබද වැඩි අවදානයෙන් සිටින්න..මරුවා ඔබ නොසිතූ ලෙස පැමිණිය හැකි..

දෙමාපියනි දරුවන් පිළිබද වැඩි අවදානයෙන් සිටින්න..මරුවා ඔබ නොසිතූ ලෙස පැමිණිය හැකි..

ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 42ක් පමණයි. තරග අත් හැර දැමීම් 08ක් ඇති අතර සමවීම් එකක් පවතිනවා.

ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත නවසීලන්තයට එරෙහිව තරග 12ක් දිනා ඇති අතර නවසීලන්තය දිනා ඇත්තේ තරග 08ක් පමණයි.

අද තරගය සුපුරුදු පරිදි නායකත්වය චරිත් අසලංක සහ කිවි නායක සැන්ට්නර් විසින් මෙහෙයවනු ඇති.