දෙමාපියනි දරුවන් පිළිබද වැඩි අවදානයෙන් සිටින්න..මරුවා ඔබ නොසිතූ ලෙස පැමිණිය හැකි..

By Piyumika Nov 17, 2024 02:08 AM GMT
Report

කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 09 ක් වයසැති කල්ලිකුලම, මාමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

පවුල ගොඩ දාන්න රට රස්සාවක සිහින දකින ඔයා දැනගත යුතුම දේ..මෙවන් අයගෙන් පරිස්සම් වෙන්න..

මෙම දරුවා ඊයේ උදෑසන වතුර ගැනීමට යාමේදී බාල්දිය‍ ළිඳට වැටීම හේතුවෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ළිඳට වැටී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.