අද ජාතික ශෝක දිනයක් - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අද
By Shehan
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධ අවසන් කටයුතු අද (26) පැවැත්වීමට නියමිතය.
එය මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට සිදුවන බව සඳහන් වේ.
වතිකානු වේලාවෙන් පසුගිය 21 වැනිදා උදෑසන 7.35ට පමණ ශුද්ධෝත්තම පියාණන් කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිල නිවසේදී ස්වර්ගස්ථ වූහ.
මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
ඒ, අනුව අද සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.