වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

Government Of Sri Lanka Galagoda Aththe Gnanasara Thero Dhalatha Perahera Sinhala news
By Shehan Apr 26, 2025 01:47 AM GMT
Shehan

Shehan

Report

ඉකුත් 24 වැනිදා සිරි දළදා වන්දනාවට ගිය තමන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකිවූ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

සාමාන්‍යයෙන් දළදා මාලිගාව පිච්ච මලින් සුවඳවත් තැනක් වුවත්, මෙවර එය කුණු ගඳක් ගසන තත්ත්වයට පත්ව ඇති බව උන්වහන්සේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.

ඇමති නලින්දට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

ඇමති නලින්දට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

වියදම් කප්පාදු කළ යුතු බව ආණ්ඩුවේ පාර්ශව පවසන නමුත්, සරලකම යනු හිඟනකම නොවන බවත්, දළදා වහන්සේ මෙරට මුදුන්මල්කඩ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම දළදා ප්‍රදර්ශනය හදිස්සියේ යොදා ගැනීම නිසා හෝ මහනායක හිමිවරුන්ගේ අවවාද නොසලකා හැරීම නිසා ආණ්ඩුව මෙය ‘අනාගෙන’ ඇති බවද, දළදා ප්‍රදර්ශනය පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් බවට පැවසුවද, දළදා ප්‍රදර්ශනයට කොපමණ මුදලක් වෙන් කර ඇද්දැයි ගැටලු සහගත බවද උන්වහන්සේ සඳහන් කර සිටියා.

කයිවාරු ගැසුව ද, වැඩ බැරි බව ඔවුන් ඔප්පු කරමින් ඇති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩිදුරටත් පවසා සිටින්නේ.

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙන්න මේ විදිහටයි

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙන්න මේ විදිහටයි

ReeCha