සජබයෙනුත් දෙන්නෙක් වතිකානයට...(VIDEO)

Google SJB Pope Francis Vatican Sinhala news
By Akash Apr 25, 2025 03:17 PM GMT
Akash

Akash

Report

“ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වෛද්‍ය කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රී වරුන් අද දිනයේ දී වතිකානුව ට ගොස් ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරවය දැක්වූ අතර මෙහිදී විශේෂයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් ලෙස අප මෙම අවස්ථාවට සහභාගී වූයේ විපක්ෂ නායක තුමා සහ රටේ සමස්ත ජනතාව නියෝජනය කිරීමක් ලෙස ය.

IMF ශ්‍රී ලංකාවට ඩබල් කොළ එළි පෙන්වයි....ජනතාවට රතු එළිද?

IMF ශ්‍රී ලංකාවට ඩබල් කොළ එළි පෙන්වයි....ජනතාවට රතු එළිද?

ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් වුවත් අපේ රට හා ජනතාව කෙරෙහි ආදරයක් හා උනන්දුවක් දැක් වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙවරක් ලංකාවට පැමිණ මරදමඩු සිද්ධස්ථානය වන කතෝලික ජනතාවගේ මුදුන් මල්කඩ ආශිර්වාද කිරීම හා බෝලවලාන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය අශිර්වාද කිරීමටත් , 2019 පාස්කු ඉරු දින ප්‍රහාරයට සාධාරණය ඉටු කිරීමටත් උන්වහන්සේ හඬ නැගූ අතර ඒ සඳහා මැදිහත් වී කටයුතු කිරීම ද සිදුකරන ලදී.

එමෙන්ම 2025 පාස්කු ඉරුදින උන්වහන්සේ ලෝකයේ ජනතාවට ආශිර්වාද කරමින් යාඥා කළේ ලෝක සාමයයි. එහිදී ඊශ්‍රායලය , පලස්තීනය , යුක්‍රේනය හා රුසියාව යන රටවල ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන ලදී.

ඉක්මනින් පොහොසත් වෙන්න හදන පොලිසිය...ගාස්තු වැඩි කරයි

ඉක්මනින් පොහොසත් වෙන්න හදන පොලිසිය...ගාස්තු වැඩි කරයි

මේ කාලය අතරතුර දී උන්වහන්සේ අප අතරින් වෙන් වී ස්වර්ගස්ථ වූ අතර සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වතිකානුවට ගොස් උන්වහන්සේට අවසන් ගෞරවය දැක්වීම සඳහා වෛද්‍ය කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමත්, හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා සහ ඉතාලියේ ප්‍රිවෙන්සි නගරයේ ජීවත්වන රෝහිත ක්ලාසිඩෝ මැතිතුමත් අප සමඟ එක් විය.”


ReeCha