රන් වලට ආයෝජනය කරන්න කාලය මේකයි – මිල දිනෙන් දින ඉහළට
ඊයේ (21) මිලට සාපේක්ෂව අද (22) රන් රාත්තලක මිල රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය පවසයි.
අද දින රන් මිල තත්ත්වය පහත පරිදි වේ:
🔸 කැරට් 24 රන්
– පවුන් මිල: රු. 271,000
– ග්‍රෑම් එකක මිල: රු. 33,875
🔸 කැරට් 22 රන්
– පවුන් මිල: රු. 250,700
– ග්‍රෑම් එකක මිල: රු. 31,338
මෙම මිල ඉහළ යාම ජාත්‍යන්තර වෙළෙඳපොළේ තත්ත්වයන්, මුදල් විනිමය අනුපාතවල වෙනස්කම් සහ දේශීය වෙළෙඳපොළ තුළ රන් සඳහා ඇති ඉල්ලුම මත පදනම් වී ඇති බව රන් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේය.
රන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට සහ ආයෝජකයින්ට, වත්මන් මිල තත්ත්වය සහ වෙළෙඳපොළ උච්චාවචනයන් පිළිබඳව සලකා බලමින්, විචක්ෂණශීලී තීරණ ගැනීමට විශේෂඥයින් උපදෙස් ලබා දෙයි.