අලුත් නායකත්වයක් සමගින්, දින ගණනකට පසු ක්‍රිකට් ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි දවස අදයි - ඉදිරි තරග අහිමි වුණ දසුන් වෙනුවටත් සංචිතයට කැඳවීමක්..
අද (16) ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන තරගය අදයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.
මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත් විය.
ආබාධයකට ලක්වීම හේතුවෙන් දසුන් ශානකට මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ඇත.
ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලය කටයුතු කරනු ලැබීය.
මේ අතර ඊයේ (15) එංගලන්තයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 5 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 284 ක් රැස් කළේ ය.
කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 40 යි පන්දු 3 ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215 ක් පමණී.
