ඉල්ලුම් නොකළ මිලියන 9කට TIN

Report

 බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ඉල්ලුම් නොකළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මිලියන 09 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම අංක නිකුත් කර ඇතැයි අනාවරණය වේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

බැංකු පොලියට අදාළව රඳවා ගැනීමේ බදු සහනය ලබාදීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

මේ වනවිට රටේ ජනගහනයෙන් මිලියන 10 කට ටින් අංක නිකුත් කර තිබෙන බවත්, වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද තවත් මිලියන 07 ක් ටින් අංක ලබාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත පැවසීය.

ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 වසරේ ජනවාරි මස පළමුවැනිදායින් පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද පිරිස ටින් අංකය අනිවාර්යයෙන් ලබාගත යුතු වූවත්, ටින් අංකය ඉල්ලුම් කරන ලද පිරිස අඩුවීම නිසා දෙපාර්තමේන්තුව විසින් මෙරට ජනතාවගේ තොරතුරු සොයාගෙන ඔවුන්ට බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?