ක්‍රෙඩිට් කාඩ් ගන්න එකටත් කෙලින්න හදන්නේ ??? ජනතාව ක්‍රෙඩිට් කාඩ් එපා කියයි...

Report

ණය කාඩ්පතක් ලබාගැනීමේදී ද (Credit Card) බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත.

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගයකුම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගතයුතු බවට ඉකුත් 2023 වසරේ මැයි මාසයේ දී රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

වටිනාකම රු.කෝටි 80යි...පුද්ගලයෙකු අත්අඩංගුවට...

වටිනාකම රු.කෝටි 80යි...පුද්ගලයෙකු අත්අඩංගුවට...

එම ගැසට් නිවේදනයට අනුව 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 වසරේ ජනවාරි මස පළමුවැනිදායින් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස ටින් අංකය අනිවාර්යයෙන් ලබාගත යුතුය.

මේ අනුව වාහනයක් ලියාපදිංචි කිරීමේදී, වාහනයක් වෙනත් අයකුට පැවරීමේදී, ඉඩමක් ලියාපදිංචි කිරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, සමාගමක කොටස් හුවමාරුවේදී ටින් අංකය අනිවාර්ය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මිලියන 10 කට ටින් අංක නිකුත් කර ඇති අතර, තවත් මිලියන 07 ක් ටින් අංක ඉල්ලුම් කළයුතුව තිබෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

අදත් හවස්වරුවේ ඇතිවන ප්‍රබල අකුණු ගැන නිවේදනයක්...

අදත් හවස්වරුවේ ඇතිවන ප්‍රබල අකුණු ගැන නිවේදනයක්...

ටින් අංකය ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල මේ දිනවල දැඩි තදබදයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

රටේ බහුතරයක් ජනතාව ණය කාඩ්පත් භාවිතා නොකරන අතර දැන් මේ සිදුකරන දෙයින් බහුතරයක් ඊට යොමුවීම ප්‍රතික්ෂේප කරනු ඇත.