එක්දින සහ T20 තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට අලුත්ම ක්‍රමවේදයක්..!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්, එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා කිරීමේ වේගය නියාමනය කිරීම සඳහා ඒ අනුව විරාම ඝටිකාව භාවිත කිරීමට ICCය පියවර ගැනීමට නියමිතය.පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය ඒ අනුව නියාමනය කෙරෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, 2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බවයි.
එම නීතිය පෙර එක් පන්දු ඕවරය නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරක් සිදුකළ විට ලකුණු 5ක දඩයක් පනවනු ලබන බවයි ICC නිවේදන කරන්නේ.