ටික්ටොක් නිසා බාලවයස්කරුවන් අනතුරේ - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට
අමෙරිකා එක්සත් ජනපදයේ ළමා ඔන්ලයින් පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත (COPPA) උල්ලංඝනය කරමින් බාලවයස්කරුවන්ගේ තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් ටික්ටොක් (TikTok), බයිට්ඩෑන්ස් (ByteDance) සහ අනුබද්ධ ආයතන සමඟ එක්ව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (Department of Justice - DOJ) විසින් ඩොලර් මිලියන 400 ක දැවැන්ත එකඟතාවකට එළඹ ඇත.
මෙම එකඟතාව යටතේ ටික්ටොක් ආයතනය විසින් වහාම ඩොලර් මිලියන 300 ක් ගෙවිය යුතු අතර, එහි පූර්වගාමී ආයතනයක් වූ Musical(dot)ly සම්බන්ධයෙන් කලින් පනවන ලද එකඟතා නියෝගයක් (consent decree) අධිකරණය විසින් නිල වශයෙන් ඉවත් කරනු ලැබූ පසු ඉතිරි ඩොලර් මිලියන 100 ගෙවීමට නියමිතයි.
වයස අවුරුදු 13 ට අඩු දරුවන්ට දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව ගිණුම් නිර්මාණය කිරීමට ඉඩ සැලැස්වීම සහ දෙමාපියන් විසින් ඉල්ලා සිටියදීත් දරුවන්ගේ දත්ත මකා දැමීමට අපොහොසත් වීම යන චෝදනා මත 2024 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණි.
COPPA ඉතිහාසයේ ලබාගත් විශාලතම මූල්‍ය අයකරගැනීමක් ලෙස සැලකෙන මෙම තීරණය අමෙරිකානු දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඔන්ලයින් ආරක්ෂාව තහවුරු කිරීමේ තීරණාත්මක ජයග්‍රහණයක් බව අධිකරණ බලධාරීහු පවසයි.
නඩු විභාගය ආරම්භ වීමෙන් පසු ටික්ටොක් ආයතනය සිය අයිතිකාරී ව්‍යුහය, කළමනාකාරීත්වය සහ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයන් පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ද පියවර ගෙන තිබේ.
මෙම සිදුවීමත් සමඟ ටික්ටොක් සමාජ ජාලය පෞද්ගලිකත්වය හා බාලවයස්කරුවන්ගේ තොරතුරු සොරකම් කිරීම තහවුරු වූ ඇත. මේ හේතුවෙන් දෙමව්පියන් තම දරුවන් ටික්ටොක් හරහා සිදුකරන ක්‍රියාකාරකම් පිළබඳව අවධානය යොමු කළ යුතුය.