දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

Report

ප්‍රවීණ සංගීතවේදීනි ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ යශෝරාවය වූ ආචාර්ය නන්දා මාලිනිය ඊයේ දින දැයට සමුදුන් අතර, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයයේයි.

කම්පනයට කරුණ නම් මිය යන විට 82 වැනි වියේ පසුවු ආචාර්ය නන්දා මාලිනියගේ 83 වැනි උපන්දිනය අදට යෙදී ඇත.එතුමිය 1943 වසරේ අගෝස්තු මාසයේ 23 ,අද වැනි දිනක උපත ලබා ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දඬුවම් නියම වූ පළමු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙයිද? ඇවිලෙන දේශපාලනය

ශ්‍රී ලංකා ඉතිහාසයේ දඬුවම් නියම වූ පළමු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙයිද? ඇවිලෙන දේශපාලනය

ගීතය සමාජ ප්‍රබෝධයේ මෙන්ම මානව හැඟීම්වල ප්‍රබල ප්‍රකාශනයක් බවට සිය නිර්මාණ හරහා සාක්ශාත් කරමින් ජාතියේ යශෝරාව නැංවූ ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කැමැත්ත වී තිබුණේ සිය අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන ලෙසයි.

ජාතියේ යශෝරාවය, ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසිකයන්ට අමතරව කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියේය. ලක්මවට සමු දී නික්ම ගිය ද නන්දා මාලනියගේ අවසන් සුසුම් පොද මෙරට ජන හදගැස්ම ලෙස ගීත සාහිත්‍යය හා මුසු වෙමින් සදාකාලිකව නින්නාද වනු ඇත.

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක් | Nanda Malini S 83Rd Birthday National Mourning