TikTok සමාජ මාධ්‍යයේ අලුත්ම වෙනසක් සිදු කරයි..භාවිතා කරන ඔබට ලැබෙන වාසිය මෙන්න..

Sri Lanka Social Media Smart Phones TikTok World
By Aruna Jul 25, 2023 06:22 AM GMT
Aruna

Aruna

Report

සමාජ ජාල අතර ඇතිවී ඇති තියුණු තරගය හේතුවෙන් එම සමාජ ජාල හිමිකරුවන් නිතරම නැවුම් වෙනස්කම් කරමින් සිය ග්‍රාහකයින් රඳවා ගැනීමට උත්සාහ දරමින් තිබෙනවා.

TikTok සම්බන්ධයෙන් අපි සියලුදෙනාම දන්නේ එය වීඩියෝ පළකිරීම සඳහා නිමවා ඇති මෙවලමක් විදියටයි.

නමුත් ෆේස්බුක්, ත්‍රෙඩ්ස් සහ ට්විටර් X සමාජ ජාලවලට අභියෝගයක් කළ හැකි අලුත්ම වෙනසක් සිදුකිරීමට TikTok හිමිකරුවන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, වැකි පළ කිරීමට හැකිවන ලෙස TikTok සඳහා නව වෙනසක් සිදුකර ඇති බවයි, එම මෙවලම හිමි චීන සමාගම පැවසන්නේ.

"එමගින් ග්‍රාහකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා..."

ඒ අනුව TikTok ග්‍රාහකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබීම විශේෂත්වයක්.

ReeCha