මාලදිවයින් විදේශ කටයුතු ඇමති හා ජනපති අතර හමුවක්

Report

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් මහතා අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

එහිදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස පිළිගනු ලැබුවා.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට මාලදිවයින් රජයේ කැපවීම ද ඔහු නැවත තහවුරු කරනු ලැබුවා.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පුළුල් පරාසයක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජයේ කැපවීම නැවත අවධාරණය කරනු ලැබුවා.

අමාත්‍ය ආචාර්ය කලීල් මහතා සමඟ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ්, ලේකම් ෆාතිමත් ඉනායා, අතිරේක ලේකම් අමිනාත් අබ්දුල්ලා දිඩි සහ අධ්‍යක්ෂ ජනරාල් අයිෂාත් ෆරීනා යන මහත්වරු ද එක්වූහ. 

ට්‍රම්ප්ගේ එක වොයිස් එකයි 17ක්ට මරු කැදවමින් යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්

ට්‍රම්ප්ගේ එක වොයිස් එකයි 17ක්ට මරු කැදවමින් යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්