ටික් ටොක් ඉවත් කරයි..? ප්‍රධාන රටකින් ඉල්ලීමක්..

By Sithumi Feb 02, 2023 12:34 PM GMT
Report

ඇපල් සහ ගූගල් සමාගම් මගින් පාලනය කරන "Play Store"වලින් ටික් ටොක් ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර තිබෙනවා.

ටික් ටොක් මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවන බවයි අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට් පවසා ඇත්තේ. 

චීනයේ ByteDance සමාගම ටික්ටොක් හි හිමිකාරීත්ව දරන අතර ටික් ටොක් මෙවලම එරට මධ්‍යම රජය සතු පද්ධතිවලින් ඉවත්කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබෙනවා. අමෙරිකානුවන්ගේ දත්ත ලබාගැනීම සඳහා චීන රජයේ ආයතන මගින් ටික් ටොක් සතු දත්ත පද්ධතිය භාවිත කිරීමට ඉඩ ඇති බවයි එම ඉල්ලීම්වල සඳහන් වන්නේ.