කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. අද (14) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවය.

රටේ මේ පැති ප්‍රවේශම් වෙන්න - සවස 1න් පසු කාලගුණය නරකයි

රටේ මේ පැති ප්‍රවේශම් වෙන්න - සවස 1න් පසු කාලගුණය නරකයි

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?