බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි- ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම හෙට සිට අඩුවන බවට අනාවැකි

Report

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය 2026 සැප්තැම්බර් 24 දින ප.ව. 4.00ට නිකුත් කරන ලදී.

  බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී.

මෙම පද්ධතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට ඇති වන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ වූ තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30–40ක පමණ තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Gallery