ජනතාව භීතියෙන් අවුලමින් මාතර යට වෙයි - ඉදිරි පැය 24 තුළ වෙන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී තිබෙන බව සඳහන්.
එමෙන්ම අකුරැස්ස - සියඹලාගොඩ - පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ගංවතුරින් යටවීමත් සමඟ එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
එබැවින් බොහෝ පිරිසක් විකල්ප මාර්ග භාවිත කළද, එම මාර්ගවල විශාල වලවල් හෑරී තිබීම නිසා ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී ඇති බව පවසයි.
මේ අතර අකුරැස්ස - මාරගොඩ මාර්ගය ද විකල්ප මාර්ගයක් ලෙස භාවිත කෙරුණද, මේ වනවිට එම මාර්ගයේ කොටස් ද ගංවතුරින් යටවෙමින් පවතින බව සඳහන්.
එසේම මොරවක - නෙළුව මාර්ගයේ පහත් බිම් ප්‍රදේශ ද ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
එමෙන්ම නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු ද දක්නට ලැබුණු අතර, එම තත්ත්වය නිසා ප්‍රදේශවාසීන් තුළ බියක් ද හටගෙන ඇති බව සඳහන්.
කෙසේ වුවද සාමාන්‍යයෙන් ගංවතුරින් යටවන අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම ද විශේෂත්වයක් වේ.
අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා, ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔරුවක් පවා සූදානම් කර ඇති අතර නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ඉදිරි පැය 24 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
එබැවින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
විටින් විට මාතර දිස්ත්‍රික්කයට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර, ඒ නිසා ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව සඳහන්.
එවැනි පසුබිමක අකුරැස්ස සහ අතුරලිය ප්‍රාදේශීය සභාවල සේවක මණ්ඩලය යුහුසුලුව සිය රාජකාරි කටයුතු සිදුකරමින් ජනතාවට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන අයුරු ද දක්නට ලැබෙන බව වාර්තා වේ.