Chat GPT ආයේ වැඩක් නෑ වගේ - ChatGPT වලට එහා ගිය සුපිරි වැඩ්ඩෙක් මතුවෙයි

Report

විදෙස් මාධ්‍ය භාවිතා කරන්නේ Meta Platforms සමාගම හඳුන්වා දුන් නව AI යෙදුමක් වන Muse, එළිදැක්වීමෙන් සති කිහිපයක් ඇතුළත අමෙරිකාවේ Apple App Store හි නොමිලේ ලබාගත හැකි යෙදුම් අතර පළමු ස්ථානයට පත්ව ඇති බවයි.

මෙය පරිශීලකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් පමණක් නොව, සැබෑ කාර්යයන් සිදුකිරීමට හැකි AI සහායකයන් කෙරෙහි පවතින උනන්දුව ඉහළ යමින් ඇති බවට සංඥාවක් ලෙස සැලකිය හැකියි.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

එමෙන්ම Muse හරහා විද්‍යුත් තැපැල් යැවීම, සංචාර වෙන්කරවා ගැනීම, දින දර්ශනය කළමනාකරණය කිරීම සහ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම වැනි කාර්යයන් සිදුකළ හැකි බව සඳහන් වේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යෙදුම වසා දැමීමෙන් පසුවත් පසුබිමින් අදාළ කාර්යයන් සිදුකරගෙන යාමට Museට හැකියාව පවතින බවයි.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

කෙසේ වෙතත්, Muse වෙත ප්‍රවේශ විය හැකි යෙදුම් තෝරා ගැනීමේ බලය පරිශීලකයන් සතුව පවතින අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදී ඇති අවසර ඉවත් කිරීමටද හැකියාව ඇති බව සඳහන් වේ.

Meta සමාගම සඳහන් කර ඇත්තේ, Museහි ඇතැම් විශේෂාංග හේතුවෙන් එය සාමාන්‍ය chatbot එකකට වඩා පුද්ගලික සහායකයකුට සමාන අත්දැකීමක් ලබාදිය හැකි බවයි.