“පටු දේශපාලන අරමුණක් නැහැ” - 22 වැනි සංශෝධනය ගැන ආනන්ද විජයපාලගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ පටු දේශපාලන අරමුණකින් නොව, රටේ සමස්ත ජනතාවගේ සුබසාධනය, වැඩිදියුණුව සහ සුබසිද්ධිය අරමුණු කරගෙන බව ඇමති  ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

  අතීතයේ විපක්ෂයේ සිටි බොහෝ දේශපාලන පක්ෂ හා මන්ත්‍රීවරුන් 17 වන, 18 වන, 19 වන සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා සහය ලබාදී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

රටේ ජනතාවගේ සුබසාධනය සහ රටේ වැඩිදියුණුව වෙනුවෙන් තීන්දු ගැනීමේදී පටු දේශපාලන අරමුණු මත කටයුතු නොකරන බවද ඔහු පැවසීය. එමෙන්ම රටේ අපරාධ යුක්ති ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවද ආනන්ද විජයපාල ඇමතිරයා පෙන්වා දුන්නේය.

අපරාධ යුක්ති ක්‍රමයට සම්බන්ධ සියලු ආයතන ශක්තිමත් කිරීමද මෙම වැඩපිළිවෙළේ වැදගත් අංගයක් බව සඳහන් කළ ඒ මහතා, විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සහ එම ආයතනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම අවශ්‍ය බවද සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවලට තිරසාර විසඳුම් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවලට තිරසාර විසඳුම් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

එමෙන්ම අධිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම, අමතර අධිකරණ ස්ථාපිත කිරීම, විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සහ ඔවුන්ගේ වයස් සීමාව ඉහළ නැංවීම තුළින් ප්‍රවීණ විනිසුරුවන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට විශාල නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති අතර, දෛනික විමර්ශන ක්‍රියාවලිය හරහා තවදුරටත් නඩු එකතු වෙමින් පවතින බැවින්, එම නඩු කඩිනමින් විසඳීම සඳහා අදාළ සියලු යන්ත්‍රණ ශක්තිමත් ලෙස ස්ථාපිත කළ යුතු බවද ආනන්ද විජයපාල  පැවසීය.

එම අරමුණ වෙනුවෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට හා සංශෝධනයට ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා කිසිදු යටි අරමුණක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමා

“එනිසා විධායකය බලය හරහා අධිකරණය යට කරගන්න අවශ්‍යතාවක් නැහැ. අපි මේ තියෙන බලයවත්, යම් අවම බලයවත් පාවිච්චි කරන්නේ නැතිව නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ මිනිස්සුන්ට කටයුතු කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ හින්දා විපක්ෂයේ බොරු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අපේ එකම අපේක්ෂාව තමයි මේ අපරාධ යුක්ති ක්‍රමයේ තියෙන සියලු ආයතන ශක්තිමත් කරලා, මේ ගොඩ ගැහිලා තිබෙන නඩු වගේම ඉදිරියට මේ කාර්යක්ෂම වෙලා තියෙන යන්ත්‍රණය හරහා මේ රටේ නීතියේ අධිපත්‍ය සුරක්ෂිත කරලා ජනතාවට සාධාරණය, යුක්තිය ඉෂ්ට කර දීම. අපේ එක අරමුණ.”    

"විපක්ෂයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කරනවා"- අධිකරණ අමාත්‍යවරයාගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

"විපක්ෂයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කරනවා"- අධිකරණ අමාත්‍යවරයාගෙන් තීරණාත්මක ප්‍රකාශයක්