නාවලපිටිය කැළඹෙමින් වූ විනාසය - නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශයි - තිදෙනෙකුට බරපතළ තුවාල

Report

නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එසේම මෙම අනතුරින් තුවාල ලැබූවන් වහාම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව නාවලපිටිය පොලීසිය සඳහන් කරයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි මවක්, ඇගේ 13 හැවිරිදි දියණිය සහ අසල නිවසක පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම අනතුරට ලක්වූ ගස දැඩි අවදානම් තත්ත්වයක පැවති බැවින් එය කපා ඉවත්කර දෙන ලෙස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු අධිකාරීවරයා ඇතුළු බලධාරීන් රැසක් අවස්ථා ගණනාවකදී දැනුවත් කළද, ඊට නිසි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම අනතුර සිදු වූ බව පීඩාවට පත් ප්‍රදේශවාසීන් චෝදනා කර‍යි.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු නාවලපිටිය පොලීසිය සහ මහනුවර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 2 වන බලඇණියේ භට පිරිස් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

එහෙත් ගස සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට භූම් යන්ත්‍රයක් (JCB) අවශ්‍ය වන බැවින්, දැනට අනතුරුදායක කොටස් පමණක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර මෙම අනතුරින් වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඇතුළු දේපළ රැසකට දැඩි හානි සිදුව ඇති අතර, අවතැන් වූ පවුල්වල සාමාජිකයන් වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නැවැත්වීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.  

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්