ළදරු භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රවේශම් වෙන්න - වැරැද්දක් දැක්කොත් මේ අංකයට කියන්න

Report

වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික ළදරු ඩයපර්ස්වල ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය හෝ දුරකථන අංකය වැනි අත්‍යවශ්‍ය තොරතුරු කිසිවක් සඳහන් නොකර නීතිවිරෝධී ලෙස තොග බෙදාහැරීමේ නිරත වූ දෙහිවල සහ දෙමටගොඩ පිහිටි ආයතන දෙකකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 110,000 ක මුළු දඩ මුදලක් නියම කර ඇත.

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සිදු කරන ලද වැටලීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඩයපර්ස් තොග විධානයන්ට අනුකූල නොවන අයුරින් අලෙවි කර ඇති බවයි.

ලංකාවේ උපත් පාලන පෙති වල දැඩි හිඟයක් - මිතුරි ඇතුළු උපත් පාලන පෙති හිඟ වීමට හේතුව හෙළිවෙයි

ලංකාවේ උපත් පාලන පෙති වල දැඩි හිඟයක් - මිතුරි ඇතුළු උපත් පාලන පෙති හිඟ වීමට හේතුව හෙළිවෙයි

ඒ අනුව, 2026 සැප්තැම්බර් 23 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනාවලට වරද පිළිගත් දෙහිවල ආයතනයට රුපියල් 100,000 ක දඩයක් සහ දෙමටගොඩ ආයතනයට රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබේ.

එබැවින්, ළදරු ඩයපර් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී, එහි ඇසුරුමේ සඳහන් ආනයනකරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළු අදාළ ලේබල් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

මෙම නිෂ්පාදන භාවිතයේදී ඒවා ඉරී යාමක් හෝ වෙනත් යම් ගුණාත්මක දෝෂයක් ඇති වුවහොත්, වහාම කාර්යාල වේලාවන් තුළ 1977 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව පැමිණිලි කළ යුතු බව ද එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සි