අකුනෙන් ආ මාරයා
Weather
Sinhala news
By Hashan
බදුල්ල, ඇටම්පිටිය පොලිස් වසමේ කිංග්රෝස් නෙලුව වතුයායේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තියෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කාන්තාවක් ය . ඇය වෘත්තියෙන් තේ දළු නෙලන කාන්තාවක් බව පොලීසිය පැවසීය.
එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (28) සවස් කාලයේ පැවැති අධික වර්ෂාවත් සමගින් මෙම කාන්තාව ඇතුළු පිරිසක් විසින් වැස්සෙන් ආවරණය වීම සඳහා තේ දළු කිරන ස්ථානයකට ගොස් ඇති අතර එහිදි මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පොලීසිය පවසනවා .
