ඛේදවාචකය – ත්‍රීවිල් එකේ 9ක් ගිහින්...වෙච්චි දෙයක්

Police spokesman Sri Lanka Police Accident
By Gagana News Mar 10, 2025 07:23 AM GMT
Gagana News

Gagana News

Report

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරිවියක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32,36 හැවිරිදි හා වයස අවුරුදු එකක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත..

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත..

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් 02කු සහ ගැහුණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

තලවිල සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගී වී නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අදාළ අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha