ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ බෙදාහැරීම ඇරඹෙයි..

Sri Lanka Politician Ministry of Health Sri Lanka Healthy Food Recipes National Health Service
By Aruna Jul 14, 2023 02:53 AM GMT
Aruna

Aruna

Report

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදාහැරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කරනවා.

ඒ, අනුව සභාපතිවරයා සඳහන් කළේ, මේ වනවිට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි.

මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු කිලෝ මෙට්‍රිටික් ටොන් 15ක් අවශ්‍ය බව සදහන් කළ ඔහු, එය දේශීයව සපයාගැනීමට නොහැකි බැවින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව ඇති බවයි ප්‍රකාශ කළා.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දේශීය ගොවීන් බහුතරයක් බඩ ඉරිඟු වගා කළ ද ඔවුන්ට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණික දැනුම නොමැති කමින් එම අස්වැන්න නිසි ගුණත්වයෙන් වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“වාර්ෂිකව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා එම වර්ෂයේදී මෙච්චර ත්‍රිපෝෂ ප්‍රමාණයක් අපට අවශ්‍යයි කියලා.

මාසිකව අපි ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් විතර ලබාදෙන්න ඕන. දැනට ලක්ෂ 13ක විතර නිෂ්පාදනයක් තමයි කරන්නේ.

ඒ ලක්ෂ 13 අපි නිෂ්පාදනය කරන්නේ ගර්භනී මව්වරුන්ටල කිරි දෙන මව්රුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට දෙන්න.

වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ වලට අදාළ නිර්නායකයන්හි පවතින ගැටළුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ නැහැ.

ඒ නිර්නායක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරාකරණය කරදීමෙන් පසුව මාස 06ත් අවුරුදු 03ත් අතර දරුන්වටද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ත්‍රිපෝෂ සමාගමට තියෙනවා.”