ලක්ෂ 10කට විකිණුන අඹ ගෙඩි තුන - මෙරටින් ඇසෙන පුදුම හිතෙන පුවත..(VIDEO)

Vavuniya Sri Lanka
By Sithumi Aug 23, 2022 04:21 PM GMT
Sithumi

Sithumi

Report

කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10කට වෙන්දේසි වී තිබේ. වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා උත්සවයේදී මෙලෙස අඹ ගෙඩි 03ක් සහ මල් මාලයක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වී ඇත.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් මෙම ලන්සුව තබා ඇති බව ප්‍රදේශවාසින් පවසයි. කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ලක්ෂ 10 ක මුදල පරිත්‍යාග කිරීමට දෙමාපියන් හා ඥාතීන් වෙන්දේසියේදී අඹ ගෙඩි තුනට මුදල ලක්ෂ 10 ක මුදලක වටිනාකමක් ලබාදී ඇත.

වෙන්දේසියේදි අඹ ගෙඩි තුනක මුදලට ඉල්ලූ දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව ගරු කිරීමක්ද සිදුකළ බවද ප්‍රදේශවාසීන් පැවසීය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

  

ReeCha