අපේක්‍ෂා රෝහලේ දරුවන්ගේ ඡායාරූප යොදාගෙන බැංකු ගිණුම්වලට මුදල් ඇද්ද තිදෙනා මාට්ටු

Report

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අසංග එස් බෝදරගම අද (23)නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන ලෙසට මහජන බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාහට දැනුම් දීමට කටයුතු කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප වලට බැංකු ගිණුම් ඇතුළත් කර මුහුණු පොත හරහා බෙදා හරිමින් මුදල් වංචා කර ඇති බවයි.

තවද සැකකරුවන් සතු ජංගම දුරකථන අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් 100,200,1000 වැනි මුදල් බැර වෙමින් පවතින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ , මුල් කාලයේදී මෙම සැකකරුවන් විසින් පිළිකා රෝගීන්ට ආධාර මුදල් එකතු කර දීම සිදු කළත් පසුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා මෙලෙස වංචා කර ඇති බවයි.