නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට ..

Report

රුපියල් කෝටියක් පමණ වටිනා " අයි පෝන් " වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

විශ්‍රාමික PHIගේ මෝටර් රථය හදිසියේ ගිනිගනී..ගිනි තැබුවාද සැකයක්..

විශ්‍රාමික PHIගේ මෝටර් රථය හදිසියේ ගිනිගනී..ගිනි තැබුවාද සැකයක්..

මොවුන් කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 - 45 අතර පසුවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි .

එසේ පැමිණි ඔවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඔවුන්ගේ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් කරල තියන දෙයක්..

16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් කරල තියන දෙයක්..

පසුව මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ද සමග මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එහිදී විධිමත් රේගු පරීක්ෂණය සිදු කර මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය රාජසන්තක කර, මොවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 16 ක දඩ මුදලක් ගෙවන ලෙස ද එය පැවැත් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර ඇත .

නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට .. | Three Businessmen Arrested At The Airport

නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට .. | Three Businessmen Arrested At The Airport