එකම තැන අනතුරු තුනක්

Report

අද (21) උදෑසන හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ දී වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.   

අදාළ අනතුර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වී ඇත්තේ . එම තුවාලකරුවන් හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.   

දුම්රිය ගමන් කිරීම නිසා ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇති අතර එම අවස්ථාවේ දී වාහන දෙකක් නවතා තිබීය දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබු වෑන් රථයක ගැටී තිබෙනවා.   

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇත. අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ. 

අනතුර සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...