මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

Report

අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේ 2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙසයි.

ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

2009 වසරේ අප්‍රේල් මස 20 වනදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව වව්නියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.

කට නිසා කරදරේක වැටුණු මන්ත්‍රිනී ලක්මාලි

කට නිසා කරදරේක වැටුණු මන්ත්‍රිනී ලක්මාලි

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එම මරණීය දණ්ඩනයට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළහ.

ඒ අනුව මෙම විත්තිකරු නිදහස් කරන බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කළේය.

විද්‍යුත් වාහන සඳහා බදු වැඩි කරන්න අනුමැතිය

විද්‍යුත් වාහන සඳහා බදු වැඩි කරන්න අනුමැතිය