අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...

Report

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මේ යටතේ සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවන බවයි.

T56 අවිය අතගත් 68ත් හැවිරිදි කත

T56 අවිය අතගත් 68ත් හැවිරිදි කත

ඒ තුළින් සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීම හා ඒවා නියාමනයට අවශ්‍ය නෛතික ව්‍යුහයක් සකස් කෙරෙනු ඇත.

මීට අමතරව සයිබර් ආරක්ෂාව පිළිබඳව පැය 24 පුරා නිරීක්ෂණයට අවශ්‍ය පහසුකම් ද මෙමගින් සපයන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි නිර්මාණය කිරීම හා ඒවා පවත්වාගෙන යාමේදී සයිබර් ආරක්ෂණය පිළිබඳ උපදෙස් දීම මෙන්ම එම උපදෙස් අනුව ක්‍රියාකරන්නේදැයි සොයා බැලීමටද නව පනතින් ප්‍රතිපාදන සැලසෙයි.

පනත් කෙටුම්පත මේ වනවිට නීති කෙටුපත් දෙපාර්තමේන්තුවේ පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.