සුප්‍රසිද්ධ සුරූපී රංගන ශිල්පිනියට මරණ තර්ජන
By Shehan
මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රසේකර් විසින් තමන්ට තර්ජන එල්ල කරන බව බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් දිල්ලි පොලිස් කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබෙනවා.
ඇය මෙහිදී ලිපිය යොමු කරමින් පැවසුවේ මෙම තත්ත්වය හමුවේ තමා දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර ආරක්‍ෂාවටද තර්ජනයක් වී ඇති බවයි.
කෙසේ වෙතත් ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරු වශයෙන්ම ජැක්ලීන් නම් කර ඇති අතර දිල්ලි අධිකරණය විසින් ඇයව ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
ජැක්ලීන් විසින් 34 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු කප්පම් ගැනීම ඇතුළු අපරාධ ක්‍රියාවලින් ලබාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5.71 මුදලක් වැයකර ජැක්ලීන්ට ත්‍යාග පවා ලබාදී ඇති බවට සඳහන්.