ONMAX නිසා අනාථවූවන් කොළඹට. - අධි ආරක්‍ෂිත කලාපයේ සැඟව සිටින වංචනිකයින් සෙවීමේ උත්සහයක. - (VIDEO)
ONMAX DT අනාථවුවන්ගේ සංගමයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එස්.දුමින්ද කුමාර පවසන්නේ ONMAX DT ආයතනය තුළ මුදල් ආයෝජනය කළ හාරලක්‍ෂ පනස් දහසකගේ, රුපියල් කෝටි 3000කට වැඩි මුදලක් වංචා කල ආයතන ප්‍රධානීන්ට රටින් පැන යාමට උත්සාහ කරමින් සිටින බවයි.
කැඳවුම්කරු ඩබ්ලිව්.එස්.දුමින්ද කුමාර පවසන්නේ එම ආයතනයේ මුදල් ආයෝජනය කළ ලක්‍ෂ හතරහමාරක් දෙනා ඒකරාශී කර ගනිමින් විරෝධතා පා ගමනකින් කොළඹට ඒමට සුදානම් බවයි.
ONMAX DT ආයතනයේ ප්‍රධානීන් දේශපාලන රැකවල් මත අධි ආරක්‍ෂිත කලාපයේ සැඟව සිටින බැවින් ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව නොලැබී ඇති බවත් ඔහු පවසනවා.
ඇතැම් ප්‍රධානීන් නිවෙස්වලින්ද පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම සංගමයේ සම කැඳවුම්කරු පවසන්නේ,
''ලක්‍ෂ හතර හමාරක පමණ පිරිසක් මේ විදිහට මුදල් ආයෝජනය කළේ දහස් ගණන් කැඳවලා හෝටල්වල ප්‍රසිද්ධ දේශනා පවත්වමින් ඔව්න් අපිට විශ්වාසෙ ඇති කරපු නිසා. ඒ දේශනා වලදී කිව්වේ අපෙන් ගන්න මුදල්වලින් ජෝර්ජියාවේ ආයෝජනය කරලා තියෙනවා. ලෝකේ economic සයිට් වල ආයෝජනය කරලා තියෙනවා, ඉස්සරහට food cityයෙන් බඩු ටික ගන්න පුළුවන් පැත්ත හදලයි කිව්වා. වැලි කාන්තාරවල project කරලා තියෙනවා කියල පෙන්නුවා. රත්තරන් බිස්කට් අරගෙන ලෝකේ රත්රන් මිල අධිකම බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. ක්‍රිප්ටෝ කරන්සි වල ලොකු ඉන්වෙස්මන්ට් කරලා කරලා තියෙනවා කිව්වා. ඉතින් ඒ ඔස්සේ අපි විශවාස කළා. මොකද ගොඩක් රාජ්‍ය නිලධාරින් පවා මේකට ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම බලධාරියෙකු අපිට ONMAX DT සල්ලි ආයෝජනය කරන්න එපා කිව්වේ නෑ'' යනුවෙනි.
