4කට මරු කැඳවූ තෝරයාය බස් අනතුරට හේතුව හෙළිවෙයි. - 28 දෙනාගෙන් තවත් තුන්දෙනකුට බරපතළයි. - (VIDEO)

By Wayomi Feb 10, 2025 03:55 AM GMT
Report

හතර දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල - තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයේ ගැටී ඇති බවයි.

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.

එලෙස නවතා තිබී ඇත්තේ කඳුරුවෙල සිට කුරුණෑගල අතර ධාවනය වන බස්රථයක්.

අද (10) අලුයම සිදුවූ මෙම අනතුරින් කාන්තාවක් ඇතුලු 04 දෙනෙකු මිය ගියා.

සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණූ අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

කෙසේ වෙතත් මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

වහාම වහල මත සවිකර ඇති සූර්ය පද්ධති විසන්දි කරන්න. - රජයෙන් හදිසි දැනුම්දීමක්.

වහාම වහල මත සවිකර ඇති සූර්ය පද්ධති විසන්දි කරන්න. - රජයෙන් හදිසි දැනුම්දීමක්.