රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

Report

දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇති බව සඳහන්.

ඒ බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු නිලධාරී යූ.ටී.ඩබ්ලිව්. රත්නායක මහතා විසින් ලෝක මවුකිරි දීමේ සතිය (අගෝස්තු 01-07) නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා ඇත.

අද මේ අයට පැය 12ක් වතුර නෑ

අද මේ අයට පැය 12ක් වතුර නෑ

එසේම ඔහු එහිදී මෙම අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවිකාවකට දරු ප්‍රසූතියෙන් පසු වැටුප් සහිත සති 12ක නිවාඩුවක් හිමි වේ.

එමෙන්ම පෞද්ගලික සහ වතු අංශවල සේවිකාවකට වැටුප් සහිත දින 84ක නිවාඩුවක් සඳහා නීත්‍යානුකූල හිමිකමක් පවතින බව සඳහන්.

එසේම මෙම නිවාඩු කාලසීමාව තුළ යෙදෙන පෝය, ව්‍යවස්ථාපිත සහ අනෙකුත් ප්‍රසිද්ධ නිවාඩු දිනයන්, අදාළ දින 84ට හෝ සති 12ට අමතරව ලබා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කර ඇත.

ඊට අමතරව ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ කිරි දෙන මවුවරුන් වෙනුවෙන් විශේෂ විවේක කාලයක්ද හිමි වන බව පවසයි.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

තවද අඳාළ සේවා ස්ථානයේ දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් (දාරකාගාරයක්) නොමැතිනම් මවට දිනකට පැය දෙකක මවුකිරි දීමේ විවේකයක් ලබාගත හැකි බව ද රත්නායක මහතා පවසා ඇත.

මෙබදු පහසුකම් සේවා ස්ථානයෙන් සලසා ඇත්නම් පැය භාගයක විවේකයක් හිමි වෙන අතර මවගේ පහසුව අනුව මෙම විවේක කාලයන් සකසා ගැනීමටද අවස්ථාව පවතින බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සාප්පු හා කාර්යාල පනත, පඩිපාලක සභා ආඥා පනත සහ 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත (2018 සංශෝධනය සහිතව) මගින් අඳාළ අයිතිවාසිකම් සියල්ල තහවුරු කර ඇති බව ද වාර්තා වේ.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල