අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර

Ministry of Education Sri Lankan Schools Sinhala news
By Hashini Apr 21, 2025 01:48 AM GMT
Hashini

Hashini

Report

 රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වෙනවා.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බවයි.

පාස්කු ප්‍රහාරය ගැන අහන්න ප්‍රශ්න අපිටත් තියෙනවා - මුජිබර් කියයි

පාස්කු ප්‍රහාරය ගැන අහන්න ප්‍රශ්න අපිටත් තියෙනවා - මුජිබර් කියයි

ReeCha