තිලීපන් සැමරුම් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

Report

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්,  අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙතයි.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් ය.

තවත් බස් අනතුරක්

තවත් බස් අනතුරක්