තවත් බස් අනතුරක්
By Sewvandhi
බඩල්කුඹුර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ, බස් රථයේ රියදුරු, මගීන් සිව්දෙනෙකු සහ බවුසර් රථයේ රියදුරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.