කෝටි ගණනක කළු සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ.දේශපාලනඥයන්ගේ කටවල් වැහෙයි.

By Wayomi Oct 23, 2022 08:06 AM GMT
Report

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ ප්‍රමාණයක් සැකකාරිය සතුව නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

තැන්පත්කරුවන් තැන්පත් කළ බොහෝ මුදල් සැකකාරිය වියදම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ ඇගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තැන්පත් වී තිබු නමුත් මේ වන විට එම ගිණුම්වල කිසිදු මුදලක් ඉතිරි වී නැහැ.

මෙරට දේශපාලනඥයන් පිරිසක් ද රුපියල් කෝටි ගණනින් තිළිණි ප්‍රියමාලි නැමැත්තියට මුදල් ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතෙක් ඔවුන් ඉදිරිපත් වී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW