තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කෙරේ..!
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට අද (11) නියෝග කළේය.
විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුවය.