තිළිණි ප්‍රියමාලී සහ ජානකීට ඇප.

By Wayomi Dec 13, 2022 09:42 AM GMT
Report

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට අද (13) අවසර ලැබුණා.

ඒ අනුව තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,5,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

නමුත් එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඇය ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුවා.

ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50000 බැගින් වූ මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරිනු ලැබුවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW