තිළිණි ප්‍රියමාලිට ලැබුණ අධිකරණ නියෝගය..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිළිණි ප්‍රියමාලිට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඇයව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

තිළිණි ප්‍රියමාලිට ලැබුණ අධිකරණ නියෝගය.. | Thilini Priyamali Acquitted In Another Case

ඒ අද (06) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ය 

මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රුපියල් ලක්ෂ 141ක මුදල් ගණුදෙනුවක් සම්බන්දයෙන් චූදිත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු අංක 60208 යටතේ පවරා ඇත.

මෙහිදී CIDය නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා තිබූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව ගරු අධිකරණය වෙත දන්වා සිටියේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.

අද දින එකී නඩු විභාගයෙන් අනතුරුව සාක්ෂි ප්‍රමාණවත් නොවන හෙයින් මෙම නඩුවෙන් චූදිත වන වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන්ගේ ස්ථාවරය වී තීබුනේ එම මුදල් මේ වන විට ලබා දී ඇති බවයි.