තිළිණි ප්‍රියමාලිගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය..
චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් ජූනි මස 5 සහ 6 යන දිනවල විභාගයට ගැනීමට අද (28) දින නියම කළේ ය.
ඒ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අයට හිමි මෝටර් රථයක් 2013 වසරේ දී මිලදී ගැනීමට වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක් පතක් ලබාදෙමින් වංචා කිරීම සම්බන්ධයෙන් ය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායිකාව සමථයකට සූදානම් බවත් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
එහිදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පැවසුවේ, සමථයක් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |