තිළිණි ප්‍රියමාලි යළි අධිකරණයට..
By krishani
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) දින අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ ය.
එහිදී තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට අයත් අධිකරණය භාරයේ ඇති රථය මුදා හරින ලෙස තිලිණි ප්‍රියමාලිගේ පාර්ශවයේ නීතිඥයින් ඉල්ලීමක් කළ අතර එයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ විය.
එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |