නඩු නවයකට ඇප තැන්පත් කරයි - තවදුරටත් තිළිණි රක්ෂිත බන්ධනාගාරයේ..

By krishani Dec 24, 2022 01:37 AM GMT
Report

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු 09 ක් සඳහා ඇප තැන්පත් කර ඇත.

කෙසේනමුත් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසු වෙයි.

ඒ, ඇයට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළ වන අතර ඊයේ (23) පස්වරුවේ ඇයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය සඳහා මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් සහ රුපියල් මිලියන 180 ක ශරීර ඇප තැන්පත් කිරීම සිදු කර ඇත.

තිලිණි ප්‍රියමාලිගේ ස්වාමි පුරුෂයා, මව, පියා, සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු හිතවතුන් පිරිසක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 18 ක් නඩු 09 සඳහා අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join