ප‍්‍රියමාලි සමඟ ප‍්‍රකට හිමිනමක් ගහපු ගේමක් මාට්ටුවෙයි...
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි විසින් සිදුකරන ලද රත්තරන් පොලු ජාවාරමකට ප්‍රකට හිමි නමකගේ සහය ලැබී ඇති බව හෙළි වී තිබෙනවා.
ඒ බව හෙලිව ඇත්තේ ඇය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලදීය. මූල්‍ය වංචා චෝදනා කර දැනට බන්ධනාගාරගතව සිටින ඇයට මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතව ඇති අතර ඇය සන්තකයේ මුදල් තැන්පත් කළ තැනැත්තාට ද මෙම චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මේ වන විට ඇය සමඟ ගනුදෙනු කළ හා ඇයට අනුබල දුන් පිරිස් හඳුනා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |