මාලිමාවේ ඉන්නෙත් හොරු ද.. ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

Report

මෙවර හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණ මාලිමා මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුව ඊයේ (20) දින අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය ප්‍රකාශ කළා.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ තවත් මාලිමා මන්ත්‍රීවරයකු බව ද සඳහන්.

ඒ අනුව වැඩිදුරටත් සඳහන් වූයේ මෙම පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවකට ඇති වූ ආරවුලක් කාලයක් සිට තිබී ඇති බවයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයාගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම හේතුවෙන් මෙසේ පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබෙන බව පවසයි.

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් එම කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට