තරුණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණම

Crime Law and Order Sinhala news
By Mithu Apr 19, 2025 04:03 AM GMT
Mithu

Mithu

Report

 මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි. මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.

පාසල් 100ක් වසා දැමීමට යයි

පාසල් 100ක් වසා දැමීමට යයි

විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

ReeCha