ඖෂධ හිඟය ගැන ඇත්තම කතාව එළියට

By Mithu Jun 14, 2025 03:40 PM GMT
Report

මෙරට ඖෂධ හිඟයක් නිර්මාණය වී පවතින බවට විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් විවිධ ප්‍රචාරයන් සිදුකිරීම නිසා රජයේ රෝහල්වලට බෙහෙත් ගැනීමට පැමිණෙන ජනතාව ඒ සම්බන්ධයෙන් අනියස බියක් ඇතිකරගෙනන තිබේ.එම නිසා ඒ සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් කරුණු දක්වා තිබේ.

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

රජයේ රෝහල් තුළින් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ඖෂධ හිඟයක් ඇති බවට යම් යම් පාර්ශ්වයන් විසින් පවසා ඇති නමුත් "අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවල්වලට දෙන ඖෂධ එහෙම හිඟයක් නෑ. නමුත් ඖෂධ වර්ග කිහිපයක සැපයුමේ යම් යම් බිඳ වැටීම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා සහ ඒවට අපි අවශ්‍ය ප්‍රතිකර්ම යොදලා තියෙනවා. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙමේ අවුරුදු ගණනාවක් පැවතුණු තත්ත්වයක්.

එහෙම තත්ත්වයක් වුණත් ඇති නොවෙන්න අපි දැන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 2026 අවුරුද්ද වෙනකොට මේක සම්පූර්ණයෙන් වගේ මග හරවගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් මේ සඳහා යොදා ගන්නේ අපේ මධ්‍යම බෙහෙත් ගබඩාවේ තියෙන දත්ත පද්ධතිය. ඒ දත්ත පද්ධතියෙන් විතරක් අපේ රෝහල්වල තියෙන ඖෂධ ගැන කොහොමද තියන්නේ කියන එක කියන්න බෑ.

යම් කිසි බෙහෙතක් නැත්නම් ඒ බෙහෙත ප්‍රාදේශීව මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අපිට තියෙනවා ඒ හරහා අපි ලබා දෙනවා. ඒ නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා රෝගීන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ ඒ සඳහා වූ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවල බෙහෙත් තියෙනවා.

ඒ ආකාරයෙන් අදහස් දක්වන ඔහු සඳහන් කළේ රජයේ රෝහල්වලට බෙහෙත් ගැනීමට එන දුප්පත් ජනතාව මේ ආකාරයෙන් බිය කිරීම අමානුෂික ක්‍රියාවක් බවයි.

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

අලුත් ජීවිතයක් අරඹා දින දෙකයි – ගුවන් අනතුරකින් අහිමි වූ ආදරය

අලුත් ජීවිතයක් අරඹා දින දෙකයි – ගුවන් අනතුරකින් අහිමි වූ ආදරය