මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

India Plane Crash Latest Headlines Sinhala news
By Mithu Jun 14, 2025 11:17 AM GMT
Mithu

Mithu

Report

 මේ වන විට ඉන්දියාවේ ගුවන් අනතුර වගේම   Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එක ම මගියා වන බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ්කුමාර් රමේෂ්  පිළිබඳව මුළු ලොවක් කතා කරනවා. ගුවන් යානාවේ ගමන් ගත් ඉතුරු සියලු දෙනාම මිය යන විට ජීවිතය බේරගන්න වාසනාවන්ත වූයේ ඔහු පමණයි.

ඔහු ජීවිතය බේරාගත් ආකාරය  ශ්වාෂ්කුමාර් රමේෂ් ඉන්දීය රාජ්‍ය මාධ්‍ය වන DD නිවුස් වෙත අදහස් ඉදිරිපත් කර තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඉන්දියාවේ අහමදාබාද් සිට ගුවන්ගත වී මද වේලාවකට පසු අනතුරට පත් ලන්ඩන් බලා පියාසාර කළ බෝයිං 787 ගුවන් යානයේ 40 හැවිරිදි රමේෂ් සිටියේ 11A අසුනේයි.

දිලිත්ගේ කෙරුවාව නිසා මාලිමාව උඩ පනී

දිලිත්ගේ කෙරුවාව නිසා මාලිමාව උඩ පනී

රෝහල් ඇඳේ සිට කතා කරමින් ඔහු සදහන් කරන්නේ ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසු ඇතුළත විදුලි පහන් "නිවී නිවී දැල්වෙන්නට පටන් ගත්" බවයි. තත්පර පහක් හෝ 10ක් ඇතුළත, යානය "ගුවනේ හිරවෙලා" වගේ දැනුණු බවත් ඔහු පවසනවා.වැඩිදුරටත් ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වේ පහත ආකාරයටයි.

"ලයිට් කොළ සහ සුදු පැහැයෙන් නිවී නිවී දැල්වෙන්න පටන් ගත්තා... එක පාර ම ගොඩනැගිල්ලක හැප්පිලා පුපුරලා ගියා."


මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය බීරම්ජී ජීජීභායි වෛද්‍ය විද්‍යාලයේ සහ සිවිල් රෝහලේ වෛද්‍යවරුන් සඳහා නවාතැන් ලෙස භාවිත කරන ගොඩනැගිල්ලක් මතට කඩා වැටිණි. තමා නිරුපද්‍රිතව එළියට ආ බව විශ්වාස කළ නොහැකි බවයි රමේෂ් DD නිවුස් වෙත සදහන් කරන්නේ.

"මගේ ඇස් ඉස්සරහා මිනිස්සු මැරෙනවා මම දැක්කා - ගුවන් සේවිකාවන් සහ මගේ ළඟ හිටපු දෙන්නා මම දැක්කා,මොහොතකට, මමත් මැරෙන්න යනවා වගේ දැනුනා, නමුත් මම ඇස් ඇරලා වටපිට බැලුවම, මම ජීවතුන් අතර ඉන්නවා කියලා මට තේරුණා.තාමත් මට මම බේරුනේ කොහොම ද කියලා හිතා ගන්න බැහැ. මම සුන්බුන් අතරින් එළියට ආවා."

රමේෂ් විවාහක වන අතර එක් දරු පියෙකි. ඔහු ඉන්දියාවේ උපත ලැබුව ද, වසර ගණනාවක් එක්සත් රාජධානියේ ජීවත් ව සිට තිබෙනවා.

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

ඔහුත් සමග ඔහුගේ ආදරණීය සහෝදරයත් මේ ගුවන් යානයේම ගමන් කර තිබෙනවා.නමුත් අවාසනාවකට ඔහුගේ දිවි බේරා ගැනීමට හැකියාව ලැබී නැහැ.රමේෂ්ට මේ අවස්ථාව තවමත් සිහිනයක් බවත් ඔහුට එම කම්පනය තාමත් හිතේ තිබෙන බවත් සඳහන් කර තිබේ.

ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පලා ගිහිං

ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පලා ගිහිං

ReeCha